By unusuma.lk on
(LK time)
හිමාලි අරුණතිලක / ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය / ශ්‍රී ලංකා ගෘහ සේවිකාව / අධිකරණ නඩු / ජිනීවා ශ්‍රී ලංකා නියෝජිත
සිය ගෘහ සේවිකාවට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක් වන හිමාලි අරුණතිලක මහත්මියහට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් 117,028.80 ක අධික දඩයක් නියම කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලක මහත්මියගේ කැන්බරා නිවසේ අදාළ සේවිකාව, 2016 සිට 2018 දක්වා සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අරුණතිලක මහත්මිය විසින් සිය සේවිකාවට වැටුප් ද නොගෙවා ඇති අතර දීර්ඝ නඩු විභායකින් අනතුරුව අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසටත් ප්‍රියංකා දනරත්න යන සේවිකාවට ඩොලර් 374,151.90 ක වන්දියක් ගෙවීමටත් ය.
අරුණතිලක මහත්මිය මේ වනවිට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරයි.