වැලිකඩ ඉන්න බෑ.. මාව නිදහස් කරන්න.. හිරුණිකාගෙන් අභියාචනයක්.!

බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් තමාට පනවා ඇති දණ්ඩන ඉවත දමා සියළු චෝදනවලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

අපරාධයක් සම්බන්ධයෙන් වු චෝදනා 19න් 18කටම වරදකාරිය බවට තීන්දු කරමින් වසර 03කින් ගෙවී යන අන්දමින් තමාට නියම කළ සිරදඬුවම සහ දඩය ඉවත දමන්නැයි ඉල්ලමින් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මාර්ගයෙන් ගොනු කළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක් කර ඇත.

මහාධිකරණ විනිසුරුවරයා තමන් වරදකාරිය කරමින් නිකුත් කළ තීන්දුව දෝෂ සහගත බවත් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ විනිසුරුවරයා සැළකිල්ලක් දක්වා නැති බවත් තමන් වරදකාරිය කරමින් දුන් තීන්දුව හා තමන්ට පැනවු දඬුවම් ඉවත දමා සියළු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇති අතර පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන (04) වැනිදා කැඳවීමටත් නීතිපතිවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණය විනිසුරුවරයා නොතීසි නිකුත් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close