By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සම්බන්ධව ආණ්ඩුව කළ ප්‍රකාශ වල කිසිදු වෙනසක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදුන් නිල නිවාස නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
කාල වේලාවන් වල යම් යම් වෙනස්කම් සිදුවෙන්න පුළුවන් නමුත් අපි ජනතාවට කියපු කිසිම දෙයක් අතහරින්නේ නැති බවත් හැම දෙයක්ම ඒ විදිහටම සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.