ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් ආහාර මිල ගණන් ඉහළ ගොස් වඩාත් බලපෑමට ලක්විය හැකි බවත් එම රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පර්යේෂණ වාර්තාවකින් අනාවරණ වී ඇත.
ආහාර, ඖෂධවල සිට ස්මාර්ට්ෆෝන් දක්වාම භාණ්ඩ රැසක මිල ගණන් මෙලෙස ඉහළ යා හැකි බව ජර්මනියේ කියෙල් ආර්ථික පර්යේෂණ ආයතනය සිදුකළ මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇත.
ඒ අනුව ආහාර මිල ඉහළ යාමෙන් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර එය ප්‍රතිශතාත්මක වශයෙන් 15%ක වර්ධනයක් බව සඳහන් වේ.
එම දරුණු බලපෑමට ලක්වන රටවල් අතර පළමු තැන සැම්බියාව (31%) වන අතර ශ්‍රී ලංකාව (15%), තායිවානය (12%), පකිස්තානය (11%) සහ ඉන්දියාව (10%) ඇතුළු රටවල් ද ඊට අයත් වේ.
ඉන්ධන ගෑස් ඇතුළු බලශක්ති සහ පොහොර ආනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ආහාර මිල බලපෑමට දැඩිව ලක්වන බව එහි සඳහන් වේ.

