කෝටි 1900ක අයිස් සහ කුඩු අත්අඩංගුවට.!

රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ලබාදුන් බුද්ධි තොරතුරු අනුව නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුම් මගින් රුපියල් කෝටි 1900ක් වටිනා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මාස 05ක කාලය තුළ මුහුදු මාර්ග ඔස්සේ බහුදින යාත්‍රා වලින් මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 1900ක් වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය අප්‍රේල් (05) මෙරටට ගෙන එමින් තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 191ක් සහ අයිස් කිලෝග්‍රෑම් 671ක්, අප්‍රේල් (12) වැනිදා මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝ 77ක් සහ අයිස් කිලෝ 42ක් අත්අඩංගුවට ගෙන ඇත.

තවද මැයි (28) අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ තිබුණු හෙරොයින් කිලෝග්‍රෑම් 274ක්, අයිස් කිලෝග්‍රෑම් 503ක්, හෙරොයින් කිලෝ 542ක් සහ අයිස් කිලෝ 1,216ක් අත්අඩංගුවට ගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments