මෙම වසරේ දැනට පවතින දැඩි ශීත දේශගුණයත් සමග එස්තෝනියාවේ (Estonia) ප්‍රධාන භූමිය සහ දූපත් යා කරන “අයිස් මාර්ග” (Ice Roads) මේ වනවිට විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙම අයිස් මාර්ගයේ ගමන් කිරීම සාමාන්‍ය රියදුරෙකුට මෙන්ම පළපුරුදු රියදුරෙකුට වුවද දැඩි අභියෝගයක් වන අතර ඒ සඳහා වෙන්වූ අමුතුම වර්ගයේ නීති මාලාවක් පවතියි.
දැඩි ශීත දේශගුණයත් සමග බෝල්ටික් මුහුදේ ජලය දැඩි ලෙස මිදී ඝන අයිස් තට්ටුවක් බවට පත්ව ඇති අතර එම අයිස් තට්ටුවේ ඝනකම සෙන්ටිමීටර 20 (අඟල් 8) ඉක්මවා ගිය විට, රජය විසින් වාහන ගමනාගමනය සඳහා සුදුසු මාර්ග ලෙස ප්‍රකාශයට පත් කරයි.
මෙම මාර්ග පද්ධතියේ ගමන් කිරීමේදී රියදුරන්ගේ ජීවිතය සහ මරණය තීරණය කරන අමුතුම මාර්ග නීති මාලාව පහතින්..
*ආසන පටි (Seat Belts) පැළඳීම තහනම්.
*අන්තරාදායක වේග සීමාව (25-40 km/h තහනම)
*වාහන දෙකක් අතර අවම වශයෙන් මීටර් 250ක පරතරයක් තබාගැනීම.
*අයිස් පාර මැද වාහනය නතර කිරීම තහනම්.
*ටොන් 2.5ට වඩා වැඩි බර වාහන ගමන් කිරීම තහනම්.
අයිස් මාර්ග විවෘත වන්නේ හිරු එළිය ඇති දිවා කාලයේදී පමණක් වන අතර මීදුම හෝ හිම කුණාටු පවතින අවස්ථාවල මෙම මාර්ග වසා තැබේ.

