By unusuma.lk on [last-modified] (LK time)
විනාශකාරී සුළි කුණාටුවේ බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට අප කණගාටුව පළ කරන බව IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළාය.
ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමග සමීපව කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළාය.
තවදුරටත් විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධනය, ප්‍රතිසංස්කරණය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බවද අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළාය.
සුළි කුණාටුවට පෙර පසුගිය ඔක්තෝබර් මාසයේ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ IMF කාර්ය මණ්ඩලය දැනටමත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති බවද ඇය සඳහන් කළාය.
එමෙන්ම IMF කාර්ය මණ්ඩලය මේ වනවිට ප්‍රතිසාධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම සඳහා විකල්ප සොයා බලමින් සිටින බවත් දෙසැම්බර් (15) වනදා IMF මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටින බවද ඇය සඳහන් කළාය.
සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව ඇති බවත් එම පදනම මත මිනිස් ජීවිත හානිවලට අමතරව ආර්ථික ක්‍රියාකාරකම් වලටත් අහිතකර ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය.
ආර්ථික අවශ්‍යතා සහ හානි පිළිබඳ වැඩිදුර තොරතුරු අප සතුව ඇති බැවින් එම තොරතුරු ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය විය හැකි ආකාරය පිළිබඳ ලබාගන්නා අවසන් තීරණ වලට හේතු විය හැකි බවද ඇය සඳහන් කළාය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මේ බව සඳහන් කළාය.






