By unusuma.lk on
(LK time)දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ 2023 / 2024 තක්සේරු වර්ෂයට අදාල හිඟ බදු ලබන 26 වැනි දාට පෙර ගෙවා අවසන් කරනා ලෙසයි.
එදිනට පෙර බදු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට හෝ සමාගම්වලට කිසිදු දඩ සහනයක් හිමිනොවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.
එමෙන්ම මෙතෙක් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කර ගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ සහ දේශීය ආදායම් අණ පනත් අනුව නීතිමය කටයුතු සිදු කිරීමද මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඔවුන්ට එරෙහිව 2025 වසරේ ජනවාරී මාසයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් වාර්තා වේ.
එලෙස බදු පැහැරහරින්නන්ගේ බැංකු ගිණුම්වලින් පෙර දැනුම්දීමකින් තොරව මුදල් අය කර ගැනීමට නියමිත අතර හිඟ බදු මුදල් ප්‍රමාණය අනුව අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා බව වාර්තා වේ.