වැඩි කළ රුපියල් 10,000ක දීමනාව ජනවාරි සිට.!

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇත.

දෙසැම්බර් මාසයෙන් පසුව වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනාව කප්පාදු කිරීමට සූදානම් බවට පලවී ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය කරුණු මත පදනම් ව ඇති බව එම නිවේදනයේ සදහන් කර ඇත.

රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්, සවිබලගැන්වීමේ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීමක් මේ දිනවල සිදුකරන නමුත් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් කිසිදු අයුරකින් අහිමි කිරීමක් සිදු නොවන බවද සදහන් කරයි.

වකුගඩු රෝගීන්ට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවද එම නිවේදනයේ සදහන් කර ඇත.

ඒ අනුව දැනට වකුගඩු රෝගී දීමනාව ලබන කිසිදු අයෙකුගේ දීමනාව කිසිදු අයුරකින් කප්පාදු නොකරන බවද එම නිවේදනයේ සදහන් කර ඇත.

ආබාධ සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244ක් මෙරට සිටින බවත් එම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බැවින් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වැදගත් බවද සදහන් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.