ඉන්දීය සිනමාව, ගීත සහ ටෙලි නාට්‍ය තහනම් වෙයි.!

පාකිස්තාක රජය විසින් ඉන්දීය ගීත තම ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීම, තහනම් කර ඇත.

පාකිස්තාන රූපවාහිනී නාලිකා ද පවසා ඇත්තේ ඉන්දීය ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ ගීත විකාශය කිරීම නැවැත්වීමට තමන් ද තීරණය කර ඇති බවය.

පාකිස්තාන රජය පවසන්නේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, තමන්ට එල්ල වන චෝදනා සියල්ල බැහැර කරන බවයි. කෙසේ නමුත් ඉන්දියාව පවසන්නේ, පාකිස්තාන රජයේත් බුද්ධි අංශයේත් සහාය ලබන ‘ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවය.

මේ වනවිට ඉන්දියාව තම ගුවන් සීමාව පාකිස්තාන ගුවන් යානාවලටත්, පාකිස්තානය ඔවුන්ගේ ගුවන් සීමාව ඉන්දීය ගුවන් යානා වලටත් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයන් 26 ක් ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 22 වැනිදාය. එම 26 දෙනාගෙන් 25 දෙනකු ඉන්දියානුවන් වූ අතර, එක් නේපාල ජාතික සංචාරකයෙක් ද සිටී.

පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගන්නැයි ලෝක නායකයෝ ඉන්දියාවටත් පාකිස්තානයටත් දැනුම් දී ඇත.

ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් පවසා ඇත්තේ, පහල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සෙවීමට ඉන්දියාවත් පාකිස්තානයත් හවුලේ ක්‍රියා කළ යුතු බවය.

පසුගිය 22 වැනිදා පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් සිටියේ ඉන්දියාවේ නිල සංචාරයකට එක් වෙමිනි.

මේ අතර ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතරේත්, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙසෙත් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං අතරේත් දුරකතන සාකච්ඡා පැවැත්විණි. එහිදී රූබියෝ සහ හෙසෙත් තහවුරු කළේ ඇමරිකාවේ සහාය සැමවිටම ඉන්දියාවට හිමිවන බවය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments