By unusuma.lk on
(LK time)මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමට එකඟ වී ඇති බව, ‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සහ දිගු රාත්‍රියක සාකච්ඡා වලින් පසුව ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බවත් මධ්‍යස්ථ ස්ථානය පුළුල් පරාසයක සිට ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.