By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මංගල නිල සංචාරය ලෙස තෙදින සංචාරයක් සඳහා ජනපතිවරයා අද (15) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.
චීනය, ජපානය ඇතුළු රාජ්‍යන් රැසකින් ආරාධනා හිමිව තිබූ පසුභිමක ජනපතිවරයා ඉන්දියාව සඳහා සිය මංගල නිල සංචාරය තෝරාගැනීමෙන් ඉන්දියාව වඩා සතුටට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉතිහාසයේ මෙරට ජනාධිපතිවරයෙකුට හිමි නොවූ මට්ටමේ රාජතාන්ත්‍රික පිළිගැනීමක් අනුර කුමාර ජනාධිපතිවරයාට ලබාදීමට ඉන්දියාව සැළසුම්කර ඇති බව සඳහන්.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු මහත්ම මහත්මීන් ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්තිකයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි.
ලබන 17 වැනිදා තෙක් මෙම නිල සංචාරයේ ජනාධිපතිවරයා නිරතවන අතර මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහත්වරුන්ද එක්වීමට නියමිතයි.
ඉන්දියාවේ මහාමාර්ග දෙපස අනුර දිසානායක ජනපතිවරයාගේ පින්තූර එල්ලා සැරසීම් සිදුකර ඇති ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.