නැගෙනහිර ඉන්දියාවේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ කොල්කටා නගරය සහ සිල්චාර් අතර ධාවනය වන කන්චෙන්ජුන්ගා සීඝ්‍රගාමී දුම්රිය, සිලිගුරි නගරයට දකුණින් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තේ වතු සහ හිමාලය දසුන් සඳහා ප්‍රසිද්ධ කඳුකර සංචාරක ගමනාන්තයක් වන ඩාර්ජිලිං වෙත යන කඳු පාමුලට පහළින් මෙම අනතුර සිදුව ඇති අතර දුම්රිය මැදිරි තුළ සිරවුණු මගීන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කර ඇත.
භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ හැපුණු මගී දුම්රියේ මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටත වැසිවී ගොස් ඇති අතර වෛද්‍යවරුන්, ගිලන්රථ සහ ආපදා කණ්ඩායම් ඇතුළු වෛද්‍ය ආධාර එම ස්ථානයට යොමුකර ඇති බව බෙංගාල මහ ඇමති සදහන් කරයි.