
හොරණ – රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව ඉංගිරිය පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.