වසර 18කට පසුව IPL කිරුළ RCB කණ්ඩායමට.!

ඉන්දීය ප්‍රිමියර්ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 190ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 184ක් පමණි.

ඒ අනුව 2025 ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 6කින් ජයග්‍රහණය කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඉතිහාස‌යේ පළමු වරට IPL කිරුළ පැළඳීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments