ඉරානය සහ අමෙරිකාව අතර තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡාවක්.!

කටාර් රාජ්‍යය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල මැදිහත් වීමෙන් සකස් කරන ලද විශේෂ රාමුවක් යටතේ ඉරානය සහ අමෙරිකාව අතර තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡාවක් ඕමානයේදී හෙට (06) දින පැවැත්වීමට නියමිතව ඇත.

දෙරට අතර වසර ගණනාවක සිට පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට විසඳුම් සෙවීම මෙහි අරමුණ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇත.

සාධාරණ සහ යුක්ති සහගත ලෙස මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යන ලෙස තමා විදේශ අමාත්‍යවරයාට උපදෙස් දුන් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත.

යුරේනියම් සාරවත් කිරීම සීමා කිරීම, බැලිස්ටික් මිසයිල පාලනය සහ කලාපයේ පවතින ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් වෙත ආයුධ සැපයීම සීමා කිරීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments