By unusuma.lk on
(LK time)ගණේමුල්ල සංජීව නමැති පාතාලකරුගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අධිකරණයේදී චෝදනා ලබා සැඟවී සිටින ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව පසුගිය මැයි 06 දින කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, පරීක්ෂණවලදී ඇත්තේ ඇය ගනේමුල්ල සංජීව ඝාතන සිදිධියට චෝදනා ලත් ඉෂාරා සෙව්වන්දි නොවන බවයි.
ඒ බව තහවුරු වීමෙන් පසු ඇය නිදහස් කර ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ කුලියාපිටිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි.
වයස අවුරුදු 32ක් වන ඉෂාරා නමැති කාන්තාව ඉඩමක් සම්බන්ධයෙන් පත්ඉරු ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී, කාර්යාලයේ නිලධාරීන් ඇයගේ නම ඉෂාරා සෙව්වන්දි ලෙස සටහන්ව තිබීම හේතුවෙන් සැකයට භාජනය වී ඇත.
නිලධාරීන් ඇයගේ හැඳුනුම්පත ද පරීක්ෂා කර ඇති අතර, ඇය කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ වීම හේතුවෙන් නිලධාරීන්ගේ සැකය තවත් වැඩිවී තිබේ.
ඉන් අනතුරුව නිලධාරීන් පොලිසියට දැනුම් දී ඇති අතර, පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඇය අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර ඇත.
කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය ඇතුළු ආයතන ගණනාවකට තොරතුරු යවා ඇති අතර, ඡායාරූප විවිධ තාක්ෂණික මෘදුකාංග ඔස්සේ විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව, ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ චෝදනා ලත් ඉෂාරා සෙව්වන්දි නොවන බව තහවුරු කරගෙන ඇත.
ඉන්පසු පොලිසිය ඇයගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇය නිදහස් කර ඇත.
විමර්ශනයට භාජනය වූ ඉෂාරා සෙව්වන්දි මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ, තමාගේ නම සහ පෙනුම අපරාධකාරියකගේ නමට සමාන වීම නිසා පොලිසියට කැඳවා විමර්ශනයක් සිදු කළ බවයි.