දිවයින පුරා ආරක්ෂාව තර කරයි.!

රටේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එළඹෙන උත්සව සමයේ පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කරයි.

බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා ඇති බවත් කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා කඩසාප්පු ආශ්‍රිතව සිටින සොරුන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

මේ සදහා ජනතාවගේ සහාය අවශ්‍ය බවත් ඔබ අසල සිටින නන්නාඳුනන පුද්ගලයින් ඒ වගේම සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.