By unusuma.lk on
(LK time)විදෙස් මාධ්‍ය පවසන්නේ ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ලකළ බවයි.
ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් සිට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර ඇතුළු අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බවයි.
ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින්ද ඉරානයේ ටෙහෙරාන් අගනුවරට බටහිර ප්‍රදේශයෙන් එරට පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා කර ඇති අතර එම ප්‍රහාරවල ප්‍රමාණය සහ නිශ්චිත ඉලක්ක පිළිබඳ ඊශ්‍රායලය තවමත් පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැත.