By unusuma.lk on
(LK time)මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දි ඇත්තේ, පසුගිය මැතිවරණයෙන් පසු මෙතෙක් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බාර දෙන ලෙසයි.
එම දැනුම්දීම අනුව, මේ වනවිට කටයුතු ආරම්භවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.
ඉන් අනතුරුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ මැදිහත්වීමෙන් එම අපේක්ෂකයන්ට නඩු පැවරෙනු ඇත.
මැතිවරණ කොමිසමේ වාර්තාවන් අනුව මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8888 දෙනාගෙන් 1040 දෙනකු මෙතෙක් වියදම් වාර්තා බාරදීම මගහරමින් සිටිති.
පසුගිය දෙසැම්බර් 6 වැනිදායින් මහ මැතිවරණයේ වියදම් වාර්තා බාරදීමේ කාලය අවසන් විය.