චෙම්මනි – සිත්තුපත්ති සමූහ මිනීවළේ තෙවන අදියරේ කැණීම් කටයුතු සම්බන්ධයෙන් වන නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (09) කැඳවනු ලැබු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සමූහ සුසානය පිහිටි භූමිය නිරීක්ෂණය කළේය.
එහිදී මෙම සමූහ මිනීවළේ කැණීම් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කෙරෙනු අතර කැණීම් කළ ඇති ස්ථානවල පිරී පැවැති වැසි ජලය ඉවත් කිරීමේ කටයුතු අවසන් කර තිබුණේය.
අනතුරුව එම ස්ථානය නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා එහි ඊළඟ නඩු විභාගය ලබන මාර්තු (16) වැනිදා සිදු කිරීමටත් එදිනම සමූහ මිනීවළෙහි තෙවන අදියරේ කැණීම් සඳහා දින නියම කරන බවත් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් නියෝග කළේය.
මේ අතර යාපනය මහා රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් තෙවන අදියරේ කැණීම් කටයුතු සඳහා වියදම් ඇස්තමේන්තුව ද අධිකරණයට ඉදිරිපත් කළේය.

