විපක්ෂ නායක අසුන අල්ලාගත් නවක මන්ත්‍රීට වැඩ වරදී.. මන්ත්‍රීධූරයත් අහෝසි වන ලකුණු.!

ඊයේ (21) දිනයේ ආරම්භ වූ දහවන පාර්ලිමේන්තු මංගල සභාවේදී විපක්ෂ නායක වරයා සඳහා සම්ප්‍රදානුකූලව වෙන්වූ අසුනේ අසුන්ගෙන පාර්ලිමේන්තු නිලධාරින් සමඟ වචන හුවමාරුවක පැටලුණු යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුන් රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවදානමක් මතුව ඇති බව පැවසේ.

පවතින ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයේ රැකියාවක නියැලෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි නමුත් අදාල මන්ත්‍රීවරයා වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් සේවය කරමින්ම සිටියදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලෙස දිවුරුම් දී ඇති බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් පලකරමින් දමිළ පුවත්පතක් සඳහන් කර තිබුනේ මෙම තත්ත්වය මත ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර මෙය ඉදිරියේදී නීතිමය නීතිය හමුවේ අභියෝගයකට ලක්වනු ඇති බවයි.

මින් පෙර අවස්තාවකදී රාජිත සේනාරත්න මහතාද සිය වෘත්තියෙන් ඉවත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම හේතුවෙන් ධූරයෙන් ඉවත් කිරීමේ සිදුවීමක්ද පුවත්පත මඟින් පෙන්වා දී තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.