ජනවාරි 01 අළුත් වෙනසකින් ඇරඹෙන ශ්‍රී ලාංකීය රාජ්‍ය සේවය.!

ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසන්නේ, 2025 වසරේ ජනවාරි පළමු වන දා රාජකාරි ආරම්භ කිරීමේදී රාජ්‍ය සේවකයන් ලබා දෙන ප්‍රතිඥාවේ සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවත්, එය රජය විසින් එදින අරඹනු ලබන ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල සමග බද්ධ වූ ප්‍රතිඥාවක් වනු ඇති බවත් ය.

ජනවාරි පළමු වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩපිළිවෙල නිල වශයෙන් දියත් වීමට නියමිත අතර, නිසි සනීපාරක්ෂාවක් සහිත වටපිටාවක් නිර්මාණය කිරීම, අල්ලස් දූෂණ රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයෙන් තුරන් කිරීම, ඩිජිටල්කරණය කිරීම ඇතුළු නව්‍ය වැඩපිළිවෙල සහිත ‘Clean Sri Lanka’ සංකල්පය බහුවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

‘Clean Sri Lanka’ වැඩසටහනේ මූලික අදියර වශයෙන්, එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ මෙය වඩාත් අර්ථාන්විත කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමක් සිදුවනු ඇති බවත් ඒ අනුව එම වැඩසටහන දිගුකාලීනව ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බවත් වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.