සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයේ මෙරට පළමු මහාචාර්යවරයා අභාවප්‍රාප්ත වෙයි.!

සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ අභාවප්‍රාප්තවී ඇති අතර මහාචාර්යවරයා මිය යන විට වසය අවුරුදු 72කි.

1952 නොවැම්බර් මස (22) වන දින මෙලොව එළිය දුටු ජයසේන කෝට්ටෙගොඩ මූලික අධ්‍යාපනය සඳහා ගොඩඋඩ කනිටු විදුහලටත් අනතුරුව ගොඩඋඩ මහා විද්‍යාලයටත් ඇතුළු වූ පසුව රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලයට පිවිසිනි.

ජයසේන කෝට්ටේගොඩ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් බිහිවූ ප්‍රථම ලලිත කලාවේදී උපාධිධාරින් කණ්ඩායමේ සාමාජිකයෙක් වන අතර 1978 ඔක්තෝබර් මස (31) වන දින කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ බාහිර කතිකාචාර්යවරයකු ලෙස එක්විය.

පහතරට නර්තන සම්ප්‍රදාය මෙන්ම ශාන්තිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රය නව මගකට යොමුකළ ඔහු විෂයගත පර්යේෂණ කෘති 30ක් පමණ නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලංකා නැටුම්, ඉන්දියානු නැටුම්, සංගීතය, ජනප්‍රවාද සහ ජන කලා යන විෂයයන් යටතේ ද පර්යේෂණ කෘති 30ක් පමණ රචනා කර ඇත.

සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයේ මෙරට පළමු මහාචාර්යවරයා වන ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයේ නර්තන ශිල්පියෙකු, නර්තන අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් රැසක බාහිර නිෂ්පාදකයෙක් ලෙස සිය දායකත්වය සපයා ඇත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments