අමෙරිකාව වෙනුවෙන් කළ හැකි උපරිම සහ එකම සේවය වන්නේ වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම බව එරට මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් සදහන් කරයි.
ජනාධිපති ජෝ බයිඩ්න් වසර 50 කට වැඩි කාලයක් ඇමෙරිකාවට සේවය කර තිබෙන බවත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔහුට කළහැකි හොඳම දෙය නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වීම බව නිව් යෝර්ක් පොස්ට් පුවත්පතේ කතෘ මණ්ඩලය සදහන් කරයි.
ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට ඉඩ ලබාදීම සුදුසු බවත් ජෝ බයිඩන්ට වඩා රටට සේවය කළ හැකි බොහෝ දෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ සිටින බව නිව් යෝර්ක් පොස්ට් පුවත්පතේ කතෘ මණ්ඩලය සදහන් කරයි.
තවද ජනාධිපති බයිඩ්න්ට එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වී ගෙදර යාමට කාලය එළඹ ඇතැයි පවසමින් ලිපි 6ක් පළ කිරීමට ඇමෙරිකාවේ ඉහළ ගරුත්වයක් හිමිකරගෙන තිබෙන ඇට්ලාන්ටික් වෙබ් අඩවිය පියවර ගෙන ඇත.