
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (26) දින කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.
වෙළෙඳ අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු කටයුතු කළ අවධියේ ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.
මෙම නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණ අතර ඉන් අනතුරුව නඩුව වැඩිදුර විභාගය ජූනි මස (23) දක්වා කල්තැබීමට විනිසුරුවරයා නියම කළේය.
.