By unusuma.lk on
(LK time)ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්රම් කලහම් පක්ෂය විසින් ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පරාගත යුතු බවට ඉන්දීය මධ්‍යම රජය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඉන්දියාව සහ ලංකාව අතර පවතින ධීවර ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් කච්චතිවු දූපත ඉන්දියාවට ලබාගත යුතු බවද එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ, එම පක්ෂයේ නායක සහ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන ඇති බවයි.
අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉන්දීය දේශපාලන පක්ෂයක් විසින් මෙම යෝජනාව සම්මත කර ඇතත් ඉන්දියාවේ මධ්‍යම රජය මේ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර නැති බවයි.
කෙසේවෙතත් ඉන්දියානු රජය මෙවන් යෝජනාවක් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියේය.