මාලිමාවට 100%යි.. හිරුණිකාට දැවැන්ත විරෝධයක්.. සජිත්ගේ තීන්දුව අනුව දෙකෙන් එකක් විසෙඳෙයි.!

මෙවර සමූපාකාර ඡන්ද විමසීමේදී කඩුවෙල සමූපාකාරයේ ආසන 100ම ජයග්‍රහණය කිරීමට මාලිමාව සමත්ව ඇති අතර මොරටුව ප්‍රාදේශිකය පමණක් ජය ගැනීමට සජබය සමත් වී ඇත.

කඩුවෙල සජබ ආසන සංවිධායකවරිය ලෙස කටයුතු කරන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වන අතර මෙවර කඩුවෙල ප්‍රාදේශික 28න් 22කම සජබ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම විශේෂ සිදුවීමක් ලෙස වාර්තා වේ.

අද (16) සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා හමුවීමට ආ කඩුවෙල ප්‍රාදේශීය නායකයන් මේ සම්බන්ධයෙන් බරපතල පැමිණිල්ලක්ද ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වන අතර කඩිනමින්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද පැමිණිලි කිරීමටද ප්‍රාදේශීය නායකයන් තීරණය කර ඇති බව පැවසේ.

එහිදී එම ප්‍රාදේශීය නියෝජිතයන් වැඩිදුරටත් පවසා ඇත්තේ පක්ෂ නායකයා සහ පක්ෂ මහලේකම් මේ සම්බන්ධයෙන් ගනු ලබන තින්දු තීරණ මත සජබ සමග තවදුරටත් කටයුතු කරන්නේද යන්න සිතා බලනා බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments