By unusuma.lk on
(LK time)පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි දෙවන පරපුර පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර ඇත.
රංගන ශිල්පී කමල් අද්දරආරච්චි සදහන් කළේ,
“හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්රදාය අපි බිඳිමු. සහයෝගයෙන් සහ බුද්ධිමත්ව වැඩ කිරීමට හැකි නවක කණ්ඩායමක් තෝරාපත් කරගමු.
දෙවන පරපුර තුළින් ඒ ශක්තිය ලබාදෙන්න පුළුවන්. මමත් ඒ අයට ශක්තියක් වෙන්න තමයි අද දෙවන පරපුර සමග එකතු වුණේ.”
දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මේ බව සදහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජේවීර දෙවන පරපුර පක්ෂයේ නායකත්වය දරයි.