සෙංකඩගල නුවරට වහින වැස්ස හවස.. දරුණු වෙයි.!

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ, මහනුවර නගරයට ඊයේ (16) සවස ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය ඇතුළු මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බවයි.

එම වර්ෂාවත් සමඟ බෝගම්බර ඉහළ කඳු මුදුනින් ගලා ආ විශාල ජල ධාරා හේතුවෙන් දුම්රිය ස්ථානය ඉදිරිපස සහ ඒ අවට සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ගිය අතර දුම්රිය මාර්ගද සැලකිය යුතු මට්ටමකින් ජලයෙන් යට වී ගියේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ ඊයේ (16) මහනුවර නගරයට පස්වරු 2.00 පසු මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් එකවර ඇදහැලුන බවයි.

දීර්ග කාලයක් පුරාවට කාණු පද්ධතිය පිරීයාමත් නගරය පුරා අනවසර ඉදිකිරීම් නිසාත් නුවර නගරය සුළු වැසි තත්වයන්ගෙන් උවද ජලයෙන් යටවී යන බව ප්‍රදේශවාසීන් පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම බලධාරීන් දැනුවත් කළද, නිසි පිළිතුරක් නොමැති වීමෙන් ජනතාව මහත් අසීරුතාවට පත්ව ඇති බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close