By unusuma.lk on
(LK time)“සිරි දළදා වන්දනාව” රාජකාරියේ නිරත යුද හමුදා පොලීසියේ සෙබෙළෙකුට පොලිස් නිලධාරියෙකු බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
මෙම වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.
මහනුවර දිස්ත්‍රික්ක 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් අදාළ විමර්ශනය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.