කපුටු තටුවක් වැලිකඩ එල්ලුවා.. මහින්දත් වැලිකඩින් බෝඩිමක් හොයාගන්න.!

ජාතික ජන බලවේගයේ අකුරැස්ස ජනහමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු ධූර අපේක්‍ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූවේ කාලකන්නි පාලකයන්ගෙන් රට නිදහස් කර ගැනීමේ පින බැංකු පොත්වල කෝටි ගණනක් ඉතිරි කර ගැනීමට වඩා වටිනා බව තමා විශ්වාස කරනා බවයි.

මින් පෙර ශ්‍රී ලංකාවට ණය ලබාදීම පවා ප්‍රතික්ෂේප කළ රටවල් මේ වනවිට මෙරට නාස්ති හොරකම් නොකරන පාලකයෙක් සිටිනා රටක් ලෙස පිළිගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය අරගල සමයේ එක කපුටෙකු මරා කපුටු තටුවක් එල්ලිය යුතු බව පැවසූ ජොන්ස්ටන්ගේ තටුව මේ වනවිට වැලිකඩ එල්ලා ඇති බවත් ජොන්ස්ටන්ගේ සුව දුක් බැලීමට මහින්ද රාජපක්ෂ ද වැලිකඩ ගිය බවත් ඔහු සිහිපත් කළේය.

එමෙන්ම වැලිකඩ යෑමට තවත් ලොකු පෝලිමක් ඇති නිසා මහින්ද රාජපක්ෂ මහතාට වැලිකඩ කිට්ටුවෙන් බෝඩිමක් සොයා ගැනීම පහසු වනු ඇතැයිද හඳුන්නේති මහතා වැඩිදුරටත් පැවසීය.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments