කස්සප හිමි ඇතුළු කණ්ඩායම⁣ට ඇප.!

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නමක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10 දෙනා සම්බන්ධයෙන් ඇප ඉල්ලීම අද (11) දින ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ සලකා බැලුවේය.

අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10 දෙනා ඇප මත මුදාහරින ලෙසට ත්‍රිකුණාමලය මහාධිකරණය නියෝග කර ඇත.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments