කෙහෙලියගේ වාරයත් එයි.. සෙනසුරු මාරුවෙන් හිටපු මැති ඇමති 8කට මාරකයක්.!

ජෝතිෂ්‍ය විද්‍යාව තුළ හඳුනා ගැනෙන සෙනසුරු යනු කර්මයට තීන්දු දෙන ග්‍රහයායි. ඊට මූලික හේතුව සෙනසුරු ගේ වෙනස් වීම් තුළින් කෙනකුගේ දියුණුව මෙන්ම කඩා වැටීමත් එක ලෙසින් සිදුවීමට ඇති ඉඩකඩයි.

මෙලෙසින් විවිධ යෝග කාරකයන් ගෙන දෙන බලවත් සෙනසුරු ග්‍රහයා ගේ සුවිශේෂී ග්‍රහ මාරුවක් 2025 මාර්තු මස 29 වැනි දින සිදුවිය. එය වසර 30කට පසුව සිදුවූවකි. එදින සෙනසුරු ග්‍රහයා මීන රාශියට සම්ප්‍රාප්ත විය.

කෙසේවෙතත් මෙම ග්‍රහ මාරුවේ බලපෑම හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු තවත් මැති ඇමතිවරුන් 8 දෙනෙකුට ඉතා නරක ප්‍රතිඵල අත්කර දීමට සමත්ව ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු හරහා අනාවරණය වෙයි.

හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටත් රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවකටත් එරෙහිව අධි චෝදනා යටතේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පැවසෙයි.

මේ අනුව පැවරෙන ප්‍රධානම නඩුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතාට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ. ඒ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් බෙහෙත් ආනයනයේදී සිදු කළ වංචාව සම්බන්ධයෙනි.

මේ හැර තවත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකුට සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනකුටත් නඩු පැවරීමට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දියත් කර ඇතැයි සඳහන් වෙයි.

හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයන් ගණනාවකට අදාළ පරීක්ෂණ ද ආරම්භ කර තිබේ. ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලනඥයන් ගැන ද මේ වනවිට වෙනම විමර්ශනයක් සිදු කරමින් පවතී.

මෙම නඩු ඉතා ඉක්මනින් පැවරීමට නීතිපතිවරයා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments