කෙහෙළියගේ දියණියට දුන් නියෝගය.!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අද (06) දින පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට සහය සහ ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළව වැඩිමහල් දියණිය අත්අඩංගුවට ගත්තේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments