මිලියන 20ක පිරිසක් අපහසුතාවට පත් කරමින් koo වසා දමයි.!

ඉන්දියාව නිර්මාණය කළ “Koo” නම් ජාලය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසා දැමීමට තීරණය කිරීමත් සමගම එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“X” ජාලයට විකල්පයක් ලෙස koo ජාලය 2020 වසරේදී එළිදැක්වීමට කටයුතු කළ අතර එම ජාලය හරහා භාෂා 10කින් පණිවුඩ හුවමාරුකර ගැනීමට හැකියාව ඇත.

X ජාලය සහ ඉන්දීය රජය අතර පසුගිය 2021 වසරේදී මතභේදයක් ඇතිවීමෙන් අනතුරුව රජයේ අමාත්‍යවරු කිහිපදෙනෙක් Koo ජාලය භාවිත කිරීමට පෙළඹුණ අතර 2021 වනවිට Koo ජාලය මිලියන 20ක් පමණ පිරිසක් විසින් බාගත කරගෙන තිබුණේය.

කෙසේ වෙතත් අවශ්‍ය තරම් අරමුදල් නොලැබීම සහ තාක්ෂණය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් එම ජාලයේ නිර්මාතෘවරු එය වසා දැමීමට තීරණය කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close