By unusuma.lk on
(LK time)කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) විසින් ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය හරහා මූලික වශයෙන් දැනට පවතින සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, ඒ සඳහා විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම සහ සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශ පත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම යෝජනා වී ඇත.
රුපියල් බිලියන 2.4කට වැඩි මුදලක් වැය කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය සඳහා බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටද යෝජනා වී තිබේ.