By unusuma.lk on
(LK time)ජේජු එයාර් සමාගමට අයත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළේදී අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 122 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ගුවන් යානය ගොඩ බැස්වීමට යාමේදී, ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති අතර මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු සිට ඇත.
පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු අනතුරින් දිවි බේරා ගැනීමට සමත් වී ඇති අතර අනතුරට හේතුව, යානය ගොඩබස්වන විට පැවති අයහපත් කාලගුණය හෝ කුරුල්ලන් යානයේ ගැටීමක් විය හැකි බවට සැක පළ කරයි.
යානයේ ගමන්ගත් ඉතිරි පුද්ගලයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත් දකුණු කොරියානු බලධාරීන් දැනටමත් පවසා ඇත්තේ, ඔවුන්ගේ ජීවිත සම්බන්ධව වැඩි අපේක්ෂා තබාගත නොහැකි බවයි.
ජේජු ගුවන් සේවාවට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් ආරම්භ කර තිබුණේ අද අලුයම් කාලයේදීය.