මියගිය කෝසල නුවන්ගේ පාර්ලිමේන්තු අසුන සමන්තට.!

හෘදයාබාධයක් වැළඳීමෙන් ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු⁣ මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා ඊයේ (6) දිනයේ හදිසියේ අභාවප්‍රාප්ත විය.

මන්ත්‍රීවරයා මියයනවිට 38 වන වියේ පසු වූ අතර ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකරන්නට නියමිතව තිබේ.

කෝසල නුවන් මන්ත්‍රීවරයාගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ 8 වන ස්ථානය හිමි කර ගත් රඔුක්කන ආසනයෙන් තරග කළ සමන්ත රණසිංහ පත් කෙරෙනු ඇතැයි ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments