කොස්ගොඩ පොලීසිය විසින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයකු පොලීසියේදී රෝගී වී රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.
ඊයේ (01) දින මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 27 හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවේ සිටියදී හදිසියේ අසනීප වී රෝහලට රැගෙන යනවිට මියගිය බව කොස්ගොඩ පොලීසිය සඳහන් කරයි.
මේ අතර මියගිය තරුණයාගේ පියා සඳහන් කළේ, තම පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කොස්ගොඩ පොලිස් නිලධාරින් සිය පුතුට හොදටම පහරදුන් බවයි.
කෙසේ වෙතත් මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන බව පොලීසිය සඳහන් කරයි.