By unusuma.lk on
(LK time)පසුගියදා ඇප මත නිදහස් කළ සළිදු මල්ෂික ගුණරත්න “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.
“කුඩු සළිඳු” නැමැත්තාට සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණද ඔහු ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැත.
“කුඩු සළිඳු” නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්රාත් අධිකරණය හමුවේ (23) කරුණු වාර්තා කළේය.
අනතුරුව එම කරුණු සැලකිල්ලට ගෙන “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.