By unusuma.lk on
(LK time)අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන්නේ තම පක්ෂය 1971 සහ 1988 ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරන ලද්දේ සමාජවාදය වෙනුවෙන් බවත් ඒ සඳහා ජීවිත හැත්තෑ දහසක් පමණ දනපති පන්තිය විසින් විනාශ කර දැමූ බවත් ය.
ජාතික ජන බලවේගයේ වර්තමාන ක්‍රියා කළාපය හේතුවෙන් සමාජවාදය වෙනුවෙන් සිදුකළ ජීවිත කැපකිරීම් වතුරේ ගිය බවට සතුරු කණ්ඩායම් විසින් කිඹුල් කඳුලු හෙළමින් සිටින බවට අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අද වනවිට සමාජවාදී කඳවුරු ලෝකයේ ක්‍රියාත්මක නොවන බවත් තම ආණ්ඩුවට ඉදිරියට යාමට සිදුවන්නේ ලෝකයේ සියලුම රටවල් සමඟ ගනුදෙනු කරමින් බවත් පෙන්වාදුන් ලාල්කාන්ත මහතා ඩඩ්ලි සිරිසේන, ධම්මික පෙරේරා මෙන්ම ගොවියා කම්කරුවා සමඟත් වැඩකරමින් ඉදිරියට යා යුතුව ඇති බව පැවසීය.