By unusuma.lk on
(LK time)දේශපාලනඥයෙකු, ව්‍යාපාරිකයෙකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන කැලුම් ජයසුමන නැමැත්තා විසින් එල්ටීටීඊ මහා විරු සැමරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු පසුගිය මහ මැතිවරණය සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ අපේක්ෂකයෙකි.
පොලිස් මූලස්ථානය පවසන පරිදි, ජයසුමන මහතාගේ ක්‍රියාකාරකම් රට තුළ කැළඹීමක් ඇති කිරීමට හේතු විය හැකි බැවින් ඔහුට එරෙහිව ප්‍රති ත්‍රස්ත පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
කොළඹ කොටුව පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් විසින් අද අලුයම 1:45ට පමණ ජයසුමන මහතාව අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා විශේෂ අපරාධ විමර්ශන අංශයට භාර දී ඇත.
මේ සම්බන්ධයෙන් සිය මුහුනු පොතේ කැලුම් ජයසුමන විසින් තැබූ සටහනක් පහතින්,
ප්‍රති ත්‍රස්ත පනත දකුණට!
ඊයේ රාත්‍රී 9.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් 10 කට ආසන්න පිරිසක් මා සොයා පැමිනියේ මාගේ මුහුණු පොතේ මහා විරු සැමරුමට අදාලව පිරබාහරන්ගේ මුහුණ කොටි ලාංඡන පලකර ඇතැයිද ඒ පිලිබඳ පරීක්ෂණයකට යැයිද සඳහන් කරමිනි. ඉතාම සුහදව ඔවුන් පිලිගත් මා ඔවුනට නිවසට පැමිණ වාඩි වෙන්නැයි ඇරයුම් කලෙමි.
ඉතා සුහදශීලී පිරිසක් වූ ඔවුන් පැමිණ අසුන් ගෙන මාගෙන් ඇසුවේ ෆේස් බුක් එකවුන්ට් කිහිපයක් මට තිබෙනවා නේද යන්නයි. එයට පිලිතුරු ලෙස මාගේ FB එකවුන්ට් 03 ම ඔවුනට පෙන්වූයෙමි. එයින් සෑහීමකට පත් නොවූ ඔවුන් කැලුම් හර්ෂක නමින් පිටුවක් මා පවත්වාගෙන යන්නේ දැයි විමසීය. එය මාගේ නොවන බවත් එම නමින් ඇති මල්ලී කෙනෙකු මාගේ මිතුරු ලයිස්තුවේ ඇති බවත් පැවසූ විට සෑහෙන වෙලාවක් කැලුම් හර්ෂකගේ පිටුවෙහි ඇති ඔහුගේ ඡායාරෑප සහ මාගේ ඡායාරෑප සසඳමින් දෙදෙනා එක වගේ නිසා එයත් මාගේ fb පිටුවක් ලෙස සිතා පැමිණි බව එහි ප්‍රධානියා යැයි සැලකෙන කෙනා මට පවසා සිටියා. කැලුම් හර්ෂකගේ පිටුවේ පිරබාහරන්ගේ පිංතූර රැගෙන සිටින ක්‍රිස්තියානි ෆාදර්ලා සහ පිරිසකගේ පිංතූර සහ කොටි ධජය තිබීම විවේචනය කර ප්‍රදර්ශණය කිරීම විශාල වරදක් බව CID නිලධාරියා පැවසූ විට මා ඇසුවේ ඒවා සජීවීව ඔසාවාගෙන සිටින අය වරදක් නොකරන්නේද යන්නයි. එයට එරෙහිව කටයුතු කිරීම ඔවුනට අයත් රාජකාරියක් නොවන බවත් එය වෙනත් අංශයකට අයත් බවත් ඔවුන් කරන්නේ ඒ පිංතූර සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශණය කරන අය සම්බන්ධ පරීක්ෂණ බවත්ය.
කිහිප විටක්ම මා සමඟ කරන කතා බහ පිලිබඳව මැඩම් කෙනෙකුට කතා කරමින් දැනුවත් කල ඔවුන් මාගේ පුද්ගලික තොරතුරු සටහන් කරගෙන සුහදව සාකච්ඡා කරමින් PTA එක යටතේ වරදක් වන එම කාරණා පිලිබඳ ගැසට්ටුවද මට පෙන්වූ විට එහි ෆොටෝ එකක්ද ගන්නට මට අවසර දුනි. පැයකට ආසන්න කාලයක් සුහදව සාකච්ඡා කර එම පිරිස පිටව ගියේ පසු ගිය කාලයේ රට පාලනය කල සියළු පාලකයින් කොතරම් ප්රජාතන්ත්රවාදී පිරිසක්ද යන්න මා හ පසක් කරමිනි.
මේ පැමිණෙමින් ඇත්තේ ඉතා අඳුරු මූසල යුගයකි. උතුරේ ත්‍රස්තවාදී සංවිධානයක් සමරමින් නැවතත් බෙදුම්වාදී මත සමාජ ගත කරන ඒ වියරුව දෙස නෑසු කන්ව නට්ට දෙපරැන්දේ ගසාගෙන සිටින ඊණියා කොටි පුනරුද නිවට ආණ්ඩුව තමන්ගේ විරුද්ධවාදීන් දඩයමට පාර්ලිමේන්තුවේදී උණ්ඩුක පුච්ඡය කඩා ගන්නට බෙරිහන්දී විරුද්ධ වූ PTA යොදා ගැනීමට තරම් ම්ලේච්ඡ වී ඇත. බලයට පත් වී මෙපමණ කෙටි කාලයකින් ජංගිය තෙමා ගනිමින් ඇති ආණ්ඩුවක් මෙතෙක් බිහි වී නැත. ඕනෑම ආණ්ඩුවක් මෙවැනි දුර්වල තැනකට වැටෙන්නේ ආණ්ඩුවක පිරිහීමේ අවසන් නිමේෂයේ මිස ආරම්භයේ නොවේ. ආනන්ද විජේපාලගේ ගෙස්ටාපෝවට කැලුම් ජයසුමනලා නිහඬ කල නොහැකි බව පමණක් දැනට ලියා තබමි.
කැලුම් ජයසුමන