මෙවර පළාත් පාලන මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය වෙනමම තරග කරන බවත් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11කට සිය පක්ෂය තරග කරන බව ශ්‍රී ලංකා මුස්ලිස් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් සඳහන් කරයි.
දුරකතනය සංකේතය බොහෝ කලකට පෙර මියගිය එකක් බැවින් එම ලකුණෙන් තමන් ඡන්දය ඉල්ලන්නේ නැති බවත් පක්ෂ දෙක අතර අනාගත සහයෝගිතාව පිළිබඳ බැරෑරුම් ලෙස සලකා බලා තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී දුරකතනයට සහාය නොදෙන බවත් දුරකථන සංකේතය යල් පැන ගිය එකක් බවත් මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයන් සමගි ජන බලවේගය යටතේ ආසන 3කට පමණක් තරග කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
අම්පාර දිස්ත්‍රික්කයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.