By unusuma.lk on
(LK time)වගාවන් ආරක්ෂා කර ගැනීමේ කටයුතු වෙනුවෙන් පමණක් ගිනි අවි සදහා අවසර දෙන බවත් සෙසු අවශ්‍යතා සදහා දැනට ගිනි අවි නිකුත් කිරීම සීමා කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සදහන් කරයි.
පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් පෞද්ගලික ආරක්ෂාව සදහා සිවිල් පුද්ගලයන්ට නිකුත් කර ඇති ගිනි අවි යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදීමට ලබන (20) වැනිදා දක්වා අවස්ථාව පවතින බවද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් එම ගිනි අවි භාර නොදෙන සියලු පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.