By unusuma.lk on
(LK time)ජනාධිපති අඅනුර කුමාර දිසානායක විසින් 2025 වසර සදහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
ඒ අනුව 2025 වසර සදහා ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා තිබුණ අතර ඒ සදහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd යන ආයතන දෙක ලංසු ඉදිරිපත් කර ඇත.
තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් M/s OQ Trading Limited වෙත 2025 වර්ෂය සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.