පසුගිය දිනවල ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාමක් හේතුවෙන් මෙරට ගෑස් වෙෙළඳපොළ තුළ ලිට්රෝ ගෑස් සැපයුමට බාධා එල්ල විය.
ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු (22) දිනයේම ආරම්භ කළ බව ලිට්රෝ ගෑස් සමාගම සදහන් කරයි.
ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවත් ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද එම සමාගම සඳහන් කරයි.
තවත් ගෑස් නෞකා 02ක් ලබන (25) සහ (28) යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිත අතර පෙබරවාරි මාසය අවසන් වීමට පෙර එම ගෑස් නෞකා මෙරටට පැමිණීමට නියමිත බව එම සමාගම සඳහන් කරයි.

