ඊශ්‍රායල – අමෙරිකා විශ්වවිද්‍යාලවලට ප්‍රහාර.. ඉරානය අනතුරු අඟවයි

LIVE

ඊශ්‍රායල – අමෙරිකා විශ්වවිද්‍යාල (මැදපෙරදිග) ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා ඇත.

ඉරානයේ ටෙහෙරාන්හි පිහිටා ඇති විද්‍යා සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එනිසා මැදපෙරදිග කලාපයේ ඇති සියලුම විශ්වවිද්‍යාල නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කරයි.

කලාපයේ ඇති අමෙරිකානු විශ්වවිද්‍යාලවල සියලු කාර්යය මණ්ඩල සාමාජිකයන්, සිසුන් සහ ඒ අවට පදිංචිකරුවන්ට එම ස්ථාන වලින් ඉවත්ව සිටින ලෙසට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දන්වා ඇත.

1 Comment
Most Voted
Newest Oldest