නව වසරේ ටයර් මිල ලෙල්ලටම බස්සයි.!

මෙරට ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ ඊයේ (31) වෙළඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට සිය එකඟතාවය පළ කර ඇත.

දැනට ආනයනය කරන විදේශීය ටයර් යම් සීමාවකට යටත් කළ යුතු බවත් පිටරටින් ටයර් ගෙන්වීම මගින් පිටරටට ඇදී යන විදේශ විනිමය ඉතුරු කර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත් එහිදී එම නිෂ්පාදකයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

දේශීය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය අමාත්‍යවරයා අතර පැවති මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ දේශීය ටයර් නිෂ්පාදකයා නගා සිටුවීමත් පාරිභෝගිකයින් වෙත සහනදායි මිලකට නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය ටයර් ලබාදීමත් ය.

Loading

Tell me 💬
Notify of
guest
12 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.