By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදයකුමාර මහතාට ලිපියක් යොමු කරම්න් පවසන්නේ, සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට යන අඩු මිල මත්පැන් බෝතලය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට පටහැනි බවයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ හා දුම්කොළ, මද්‍යසාර සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියගේ අස්සනින් යුතු මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ නීත්‍යනුකූල මත්පැන් මිල අඩු කිරීම හරහා නීති විරෝධී මත්පැන් ජාවාරමට වැට බැඳිය නොහැකි බවත් මත්පැන් මිල අඩු වීම හරහා තරුණ පිරිස් සහ සමාජ ආර්ථික වශයෙන් දැඩි බලපෑමට ලක්වූ කණ්ඩායම් අතර මත්පැන් පරිභෝජනය ඉහළ යන බව සුරාබදු දෙපාර්තමේන්තුව නොදැන සිටීම කණගාටුවට කරුණක් බවයි.
ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූල මද්‍යසාර නිෂ්පාදන භාවිතයට සාපේක්ෂව නීති විරෝධී මත්පැන් භාවිතය ඉතා අඩු මට්ටමක පවතින බව ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණය සහ අනෙකුත් අධ්‍යයන මඟින් මේ බව පැහැදිලිව අනාවරණය කොට ඇතැයිද ඊට අභියෝග කළ හැකි ස්වාධීන අධ්‍යයනයක් තිබේ නම් ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ යැයිද එම ලිපියේ සඳහන් කර ඇත.